වනිඳුට තරගාවලිය අහිමි වෙයි

304

ඔස්ටේ‍්‍රලියාව සමගින් කි‍්‍රයාත්මක විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කරමින් සිටි වනිඳු හසරංගට කොරෝනා ආසාදනය වී තිබේ. දෙරට අතර ඊයේ (15 වැනිදා) පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයට පෙර සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයකදී මේ බව තහවුරු වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටී.

මීට පෙර තරගාවලිය අතරතුරදී බිනුර ප‍්‍රනාන්දුට ද කොරෝනා ආසාදනය වූ අතර ඊටත් පෙර කුසල් මෙන්ඩිස් කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනිනි.

කෙසේ වෙතත් ආදළ වෛරසය ආසාදනය වීමෙන් වනිඳුට තරගාවලයේ ඉදිරි තරග 2කද කී‍්‍රඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර එ් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment