පකිස්ථානය අලු ලැයිස්තුවෙන් ඉවතට ..?

197

මූල්‍ය ක්‍රියාකාරම් පිලිබද කාර්ය සාධක බලකාය (FATF) විසින් පකිස්ථානය අලු ලැයිස්තුවෙන් ඉවත් කිරීම තීරණය කර ඇතැයි වාර්තාවේ.ප්‍රංශය මූලික කරගත් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්ත මූල්‍ය කටයුතු නිරීක්ෂණ ආයතනය විසින් 2018 වසරේ ජුනි මස සිට පකිස්ථානය ත්‍රස්ත මූල්‍ය කටයුතු සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අලු ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. මෙම ලැයිස්තුවට ඇතුළත් වීම නිසා ආනයන,අපනයන , ජාත්‍යන්තර වශයෙන් මුදල් ගනුදෙනු සදහා සීමා පැනවේ.FATF කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී පකිස්ථානයේ සංචාරයක නිරතවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.මෙම කණ්ඩායම නියෝජිතයින් 206කින් සමන්විතය.ඊට ජාත්‍යන්තර ජාලගත නිරීක්ෂණ සංවිධාන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ජාත්‍යන්තර පොලිසිය,මූල්‍ය බුද්ධි ඒකක අයත්ය. මෙම නියෝජිත කණ්ඩායම් පැරීසියේ දී පැවැති සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment