ඉදිරියටත් ශීතලයි – කාලගුණේ කියයි

269

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවතීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඌව සහ නැඟෙනහිර පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු මගින් අනතුරු සිදුවිය හැකි නිසා ඒවා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම නිලධාරියා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment