නගරාධිපති ධුරයෙන් නෙරපීම ගැන අද රටට කරුණු කියනවා – නඩු යනවාද සලකා බලනවා – කුරුණෑගල නගරාධිපති

198

නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ අද (23 දා) මධ්‍ය හමුවක් පවත්වමින් රටට කරුණු කියන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ‘දිවයින’ ට පැවසීය.

තමා ඉවත් කළ බවට දැනගන්නට ලැබුණු බවත් එයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යනවාද යන්න සලකා බලමින් සිටින බව ද ඒ මහතා කීය. කුරුණෑගල

නගරාධිපතිවරයා ලෙස තමා නගර සභා සීමාවේ වැසියන්ට සේවාවක් කළ බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා – විජේරත්න බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment