ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමු වෙයි

97

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පෙරවරුවේ සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය හමු විය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ. ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග්, ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිතව තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment