වතු කම්කරුවාගේ නිවස කැඩූ වැවිලි කළමනාකරු තොණ්ඩමන් මැදිහත්ව ගෙදර යවයි

1416

මාතලේ රත්වත්ත වතුයායේ කම්කරුවකු තාවකාලික පදිංචිව සිටි නිවස කඩා ඉවත් කිරීමට එම වතුයායේ වැවිලි කළමනාකාරවරයකු කටයුතු කිරීම නිසා ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතාගේ මැදිහත්වීම මත එම නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමට වතු පාලනාධිකාරිය එකඟතාව පළකර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ජීවන් තොණ්ඩමාන් ඇමැතිවරයා පෙරේදා (20 දා) එම වතුයායට පැමිණි අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ සහකාර වතු අධිකාරීවරයා එම ස්ථානයට කැඳවීමත් සමග ඔහුට විරෝධය පළ කරමින් පිරිසක් කටයුතු කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයාගෙන් සමාව ගන්නා ලෙස ඇමැතිවරයා සහ පාලනාධිකාරිය සහකාර වතු අධිකාරිවරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී උණුසුම් තත්ත්වයක් උදාවිය. ඒ අවස්ථාවේදී තොණ්ඩමාන් ඇමැතිවරයා ඊට මැදිහත්ව ක්‍රියා කළ අතර කඩා දැමූ නිවස වෙනුවට නව නිවසක් ඉදිකර දීමට වතු කළමනාකාරීත්වය කම්කරුවාට පොරොන්දු විය.

සිද්ධිය පිළිබඳ ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතා වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතාට දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව අදාළ සහකාර වතු අධිකාරීවරයා සේවයෙන් ඉවත් කර ඇත.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment