අලුතින් ගුරුවරු අටදහසක්

1086

රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසයි.ඒ අනුව උපාධි ධාරී ගුරුවරුන් 5500 සහ දෙවැනි භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් ඉදිරියේ දී බඳවා ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. එසේම 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම නිකුත් කරන බවද සඳහන් කරයි.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment