රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා අතුරුදන්

1430

රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින්ගේ දකුණු අත යැයි හඳුන්වන 66 හැවිරිදි ආරක්ෂක ඇමැති සර්ජ් ෂොයිගු අතුරුදන් වී ඇත. ඔහුට දරුණු හෘදයාබාධයක් වැළඳී ඇතැයි වාර්තා වී තිබිණි.

රුසියාවෙන් පිටුවහල් කළ කෝටිපතියකු වූ ලියෝනිල් නෙට්සින් පැවසුවේ ආරක්ෂක ඇමැතිවරයා යුක්රේන යුද්ධය ගැන එතරම් කැමැත්තෙන් නොසිටි බවයි. රුසියානු රජය ද ආරක්ෂක ඇමැතිවරයා ගැන කිසිදු ප්‍රකාශයක් කර නැත. මේ වනවිට රුසියානු ජනරාල්වරු 10ක් ද අත්අඩංගුවේ පසු වෙති. මේ අතර රුසියානු ආරක්ෂක හමුදාවේ අයිවන් ග්රූෂොව් නමැති ආරක්ෂක කර්නල්වරයා ද මරුමුවට පත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment