මහවැලියට තාක්‍ෂණය ගේන්න ඩොලර් මිලියන 8ක්

93

මහවැලි කලාපයේ කෘෂිකර්ම සහ පශු සම්පත් කටයුතු නවීන තාක්‍ෂණය භාවිතයෙන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇත.

වාරිමාර්ග සහ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්‍ෂ තකෆුමි කදෝතා මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආධාර මුදල ලබාදීමට එකඟවී ඇත.

මෙම මුදලින් මහවැලි කලාපවල කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 04 ක්ද සුහුරු තාක්‍ෂණය සහිත ආහාර බෝග වගාව සඳහා ඇමෙරිකානු ඩොලර් 2.5 ක්ද, ගෘහවගාව, බින්දු ජල සම්පාදනය, කුකුළු ගොවිපොළ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 1.5 ක්ද වෙන්කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග සහ වනජීවි අමාත්‍යාංශය සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment