නාන කාමරයක සහ නිදන කාමරයක කසිප්පු පෙරළා

63

දොඩම්ගොඩ වටේටම කසිප්පු බෙදාහැරි ජාවාරමුන් දෙදෙනා මාට්ටු

නිවසක නාන කාමරයක සහ නිදන කාමරයක නීති විරෝධී මත්පැන් පෙරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දොඩම්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්ගොඩ පැපිලියවත්ත සහ පයාගල පොතුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

නිවසක ඉදිරිපස දොරටුවට දොරගුළුලා නීති විරෝධී මත්පැන් පෙරන බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත නිවස වටලන විට සැකකරුවන් මත්පැන් පෙරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

පෙරන ලද නීති විරෝධී මත්පැන් මිලිලීටර් 37500 ක්, ගෝඩා මිලිලීටර් 545000 ක්, ගැස් සිලින්ඩර, ගෑස් ලිප්, බැරල්, දඟර සහ කෑන් ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරුගේ සොහොයුරියකගේ නිවසක ඉතා සූක්ෂම ලෙස ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් පෙරන ලද මත්පැන් මතුගම, දොඩම්ගොඩ, යටදොලවත්ත සහ පයාගල ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති බවට සැකකරුවන්ගේ ප්‍රකාශවලින් තහවුරුව ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් . ගුණරත්න, උපොප ආනන්ද, සැරයන් කුමාර

(12782), කොස්තාපල්වරුන් වන නිරෝෂන් (82390), ඉමල්ක (102024), ලක්මාල් (101696), ජයසූරිය (100221) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment