වේගයෙන් ආ රිය ගවයින් දෙදෙනෙකුත් යටකරගෙන ගොස් පෙරළිලා

120

කිවුලකඩවල අනතුරකින් තරුණයෝ දෙදෙනෙක් සහ ගවයෝ දෙදෙනෙක් මරුට

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් මෝටර් රථයක් පෙරේදා (30 වැනිදා) රාත්‍රී 10.30 ට පමණ හොරොව්පොතාන වව්නියාව මාර්ගයේ කිවුලකඩවල පල්ලිය අසලදී අනතුරට ලක්වීමෙන් තරුණයන් දෙදෙනෙකු හා

ගවයින් දෙදෙනෙකු මියගොස් ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ අලු‍ත්වත්ත, මරදන්කඩවල පදිංචි 09 වැනි

ගැමුණු හේවා බළකාය 582 බල සේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කඳවුරේ සේවය කරන වයස අවුරුදු 33 ක් වන සෙබළෙකු වූ මුණසිංහගේ රොමින්ද නලින් මදුභාෂණ හා නිකවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි ආර්.ආර්. සඳරු ප්‍රභාෂණ නමැති දහනම හැවිරිදි තරුණයෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරු වන උදයංග බණ්ඩාර (30) නමැත්තා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට හොරොව්පොතාන ප්‍රදේශීය රෝහලේ වෛද්‍යවරු කටයුතු කර ඇත.

අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනකු ගමන් කර ඇති අතර මෙම රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ද ගැටී රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී මෙම අනතුර සිදුව ඇති බව හොරොව්පතාන පොලිසිය සඳහන් කරයි.

අනතුරින් පසුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් මෝටර් රථයේ සිටි රියදුරු සහ ඉදිරි අසුනේත්, පසු පස අසුනේ සිටි තරුණයින් තිදෙනා හොරෙව්පතාන රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මියගිය තරුණයින්ගේ දේහයන් හොරොව්පතාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර දේහයන් ඊයේ (01 වැනිදා) ඥාතීන්ට භාර දීමට නියමිතව තිබිණි.
මිහින්තලේ රංග චතූ, මැදවච්චිය – ගයාන්, ගලෙන්බිඳුණුවැව – චින්තක කේ. බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment