කෝටි ගණන් පිල්ලි ගැසූ කාර් සේල් පුත්‍රයා අල්ලන්න පරීක්‍ෂණ

239

විකුණා සල්ලි දෙන්නම් කියා වාහන ලබාගෙන වංචා කරලා

අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් කිහිප දෙනකුගෙන් වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක් වංචා කර සැඟව සිටින බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවි සල් හිමිකරුවකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

වාහන අලෙවිසලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව කියමින් මෙම පුද්ගලයා පුද්ගලයින් කිහිප දෙනකුගෙන්ම වාහන ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ ඥාතියකු බව ද කියන මේ පුද්ගලයා මේවන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව පොලිසිය පවසයි. මෙලෙස ලබාගත් වාහනයක් විකිණීමෙන් ලද මුදල නොදුන් බවට පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කලක පටන් පවත්වාගෙන යන අදාළ වාහන අලෙවි සලේ හිමිකරු වන සැකකරුගේ පියාගෙන්ද පොලිසිය මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment