පාර හරහා දැම්ම ත්‍රිරෝදය බේරන්න ගිය ලංගම බසය පාරෙන් පැන අනතුරක  

193

ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (18) පෙරවරුවේ අහුන්ගල්ල නගරයේ දී පාරෙන් ඉවතට පැන දුරකතන කණු දෙකකුත් කඩාගෙන සිදු වූ අනතුරකින් එක් අයකු තුවාල ලැබ බළපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රත්මලාන ඩිපෝවට අයත් මෙම බස් රථය ඊයේ අලු‍යම 4.00 ට කතරගමින් පිටත් වී කොළඹ බලා ධාවනය වන අතරතුරදී අහුන්ගල්ල රියු සංචාරක හෝටලය ඉදිරිපිටදී පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

එකවර ත්‍රිරෝද රථයක් පාර හරහා දැමීම නිසා බස් රථය වම් දෙසට ගනිද්දී ලිස්සා යාමෙන් දුරකතන කණු දෙකක්ද කඩාගෙන මෙම අනතුර සිදුවී ඇත. සංචාරක හෝටලයේ මල් වැටටද දැඩි හානි සිදු වී තිබිණි.

තුවාලකරුට සීරීම් තුවාල මිස බරපතළ තුවාල නැති බව අහුන්ගල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණතුංග මහතා පවසයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂ රණතුංග මහතා වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment