තම පන්තියේ ළමුන්ට මුදලට අමතර පන්ති පැවැත් වූ මධ්‍යම ගුරුවරුන් රැසකට ස්ථාන මාරු

104

පාසල් වේලාවෙන් පසුව හෝ වෙනත් වේලාවලදී හෝ තම පන්තියේ සිසුන්ට මුදල් අයකර විශේෂ පන්ති පැවැත්වීම වැළැක්වීමේ පියවරක් ලෙස මධ්‍යම පළාතේ ගුරු මාරු රැසක් සිදුවී තිබෙන බව පෙවසේ.

එලෙස මුදලට විශේෂ පන්ති පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා නියෝගයක් ද නිකුත් කර තිබිණ. එසේ තිබියදී තම සිසුන් සඳහා මුදලට විශේෂ පන්ති පැවැත්වූ බව කියන ගුරුවරුනට ස්ථාන මාරු ලබාදීමට ක්‍රියකර තිබෙන බව පැවසේ.

ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් අගැයීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් පැවසුවේ ගුරුවරුන් මුදලට අමතර පන්ති පැවැත්වීම වැළැවීම සඳහා අකැමැත්තෙන් වුවද යම් යම් පියවර ගැනීමට සිදු වූ බවයි. මුදලට අමතර පන්ති පැවැත්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද හෙතෙම පැවසීය. එසේම රජයේ පාසල්වල උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය පහත වැටී තිබේ යන මතයට ඉඩ නොතැබිය යුත් බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment