මට බෑ මම යන්නෑ – කෙහෙළිය කියයි

2443

පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ (07දා) ආරම්භ වන අවස්ථාවේදී හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊට සහභාගිවීම සඳහා බන්ධනාගාරයෙන් අවසරය ලබා දුන්නත් ඒ මහතා පාර්ලිමේන්තුවට යෑම දින තුනම ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

රඹුක්වැල්ල මහතා ඊයේ (07දා) අද (08දා) සහ හෙට (09 දා) යන දින තුනේම පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඉල්ලීම් කර ඇතත් සෞඛ්‍ය හේතු නිසා එම දින තුනේදී සහභාගිවිය නොහැකි යැයි රඹුක්වැල්ල මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුවත්කර තිබෙන බවද, ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කරන බවද දිසානායක මහතා කීය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ ඖෂධ ඉල්ලීමක් හෝ ඖෂධ පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කිරීමක් හෝ සිදුකර ඇති බවට රෝහලෙන් වාර්තාවීමක් නොමැති බවත්, ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ වෙනත් ඖෂධ ඉල්ලීමක් කර ඇත්නම් ඒ ගැන රෝහලේ වෛiවරුන් බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දෙන බවත් කී දිසානායක මහතා එවැනි දෙයක් ඊයේ (7දා) වන තෙක් සිදුවී නැතැයි ද කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment