පරිසර සමුළුව පැවැත්වෙන ග්ලාස්ගෝ නගරයට මී තර්ජනයක්

333

මෙම මස 31 වැනිදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ ඇරඹීමට නියමිත ‘කොප් -26’ ගෝලීය පරිසර සමුළුවේ ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටින සේවකයන්ට නගරයේ අධික ලෙස බෝවී සිටින මියන්ගේ සපා කෑමෙන් වැළකී සිටීමට දැඩි සටනක් කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මිලියන 1.6ක් පමණ දෙනා වාසය කරන ග්ලාස්ගෝ නගරයේ පමණක් මීයන් මිලියන 1.3ක් පමණ දෙනා සිටින බව අනාවරණය වී ඇති අතර පසුගිය දිනවල පරිසර සමුළුවට සූදානම් වීම සඳහා මාර්ග ශුද්ධ පවිත‍්‍ර කිරීමේ යෙදී සිටි කසළ බඳුන් ගෙන යන සේවකයන් සිවු දෙනෙකු මීයන් විසින් සපා කෑම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි.

 එහෙත් මේ සම්බන්ධව දේශපාලන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වූවන් විසින් විමසූ විටදී ග්ලාස්ගෝ නගරයේ නගර සභා පාලිකා සුසන් ඇට්කින්ස් පවසා ඇත්තේ මේවා සුළු සිදුවීම් බවත් ශුද්ධ පවිත‍්‍ර කරන සේවකයන් නිරතුරුව මීයන්ගේ සපා කෑමට ලක්වන නිසා එය විශාල ගැටලූවක් නොවන බවයි. ග්ලාස්ගෝ නගරයේ වීථිවල ගමන් ගන්නන් වීථිවල සිටින මීයන් නිවෙස්වලට හා වතුවලට රිංගන අයුරු දැකීම සුලබ සිදුවීමක් බවද ඇය පවසා තිබේ. මීයන්ගේ බාධා කිරීම් පැවතිය ද නගරයේ ශුද්ධ පවිත‍්‍ර කටයුතුවල නිරතව සිටින සේවකයන් දවසේ පැය 24 පුරාම සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින බව නගර සභා පාලකවරිය වැඩිදුරටත් පවසා තිබේ. නියෝජිතයන් 25,000ක් පමණ දෙනා සහභාගි වන ‘කොප් -26 පරිසර සමුළුව මෙම 31 වැනිදා සිට ලබන නොවැම්බර් 12 වැනිදා දක්වා ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන අතර එයට දෙවැනි එලිසබෙත් මහා රැුජින, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් ඇතුළු ලෝක නායකයන් ද සහභාගි වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment