මහජන බැංකුවේ පොසොන් බොදු ගී සරණිය

75

මහජන බැංකු කාර්ය මණ්ඩලය දහසය වන වරටත් ඉදිරිපත් කළ පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජාතික ආගමික කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහ සේවක ප්‍රජාව තුළ බොදු බැතිය හා සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය කර මෙහෙයවන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා විසිනි.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමධිකාරී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ගෞරව ශාස්ත්‍රවේදි පණ්ඩිත අතිපූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤාණතිලක නාහිමියන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) නිපුනිකා විජයරත්න, ප්‍රධාන නීති නිලධාරිනි පී.කේ කටුලන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්. ඩබ්ලිව් චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඉඳුමිණි රත්නායක යන මහත්ම මහත්මීන්, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර අසිත ධනවිලවිතාන ඇතු`ඵ සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, රාජ්‍ය නිලධාරින් හා මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment