කී‍්‍රඩා ඇමැති සහ භානුක අතර හමුවක්

347

කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ (12 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට භානුක ගත් තීරණය පිළිබඳ නැවත වරක් සිතා බලන ලෙස කී‍්‍රඩා අමාත්‍යවරයා පසුගියදා ඉල්ලා තිබුණු අතර එ් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීමට ඊයේ මෙම සාකච්ඡාව පැවැති බවට ‘දිවයින’ට වාර්තා වේ.

සිය පවුල සමගින් රැුඳීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කරමින් තමන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව භානුක රාජපක්ෂ විසින්  පසුගියදා කි‍්‍රකට් ආයතනයට දන්වා තිබිණි. භානුකගේ සමුගැනීමට ආසන්නම හේතුව බවට ඉහත කරුණ හැරුණුකොට යෝග්‍යතා පරීක්ෂණයේදී මැන බලන පරිසාදන මට්ටමට ළඟාවීමට තමන්ට තව කාලයක් අවශ්‍ය බවත් ඊට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රතිචාර නොදැක්වීමත් හේතු වී ඇති බවටද වාර්තා වේ.

කරුණු එසේ වෙද්දී භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳ නැවත වරක් සිතා බලන ලෙස කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. තරුණ කී‍්‍රඩකයෙකු ලෙස රට වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට තවත් බොහෝ කාලයක් ඉතිරිව ඇති හෙයින් මෙවැනි හදිසි තීරණයක් නොගන්නා ලෙසත් අභියෝග හමුවේ ඉදිරිය ජය ගැනීම වැදගත් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබිණි.

අමාත්‍යවරයාගේ එම ඉල්ලීමෙන් අනතුරුව තමන්ගේ සමුගැනීමට හේතු වූ කරුණු පිළිබඳ භානුක සහ අමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡුාවට හේතු වී තිබේ. කෙසේ වෙතත් අදාළ සාකච්ඡුාවේ ප‍්‍රතිඵලය කුමක්දැයි ඊයේ රාති‍්‍ර වනතුරුත් වාර්තා නොවිනි.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment