ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අද තව තරග දෙකක්

118

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලකුණු 36-10 ක් ලෙස ද, පිලිපීනයට එරෙහිව ලකුණු 21-12 ක් ලෙස ද ජයග්‍රහණ වාර්තා කළේය. මූලික වටයේදී සහභාගි වූ තරග දෙකම පරාජය වීම නිසා එම ඉසව්වේ 9 වැනි ස්ථානයත්, 13 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවිය.ශ්‍රේණිගත කිරීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරග දෙකක් අද (26 දා) දිනයේදී පැවැත්වීමට නියමිතය. නේපාලයට එරෙහිව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.35 ටද, තායිලන්තයට එරෙහිව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.55 ටද ආරම්භ වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment