සඳට ගිය ඉන්දීය යානා දිගටම නින්දේ

6222

ලොව ප්‍රථම වරට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වූ ඉන්දියාවේ “චන්ද්‍රයාන් -3” අභ්‍යවකාශ යානයට අයත් “ක්‍රම්” නමැති ගොඩබැස්වුම් යානය (ලැන්ඩර්) හා “ප්‍රාග්යාන්” නමැති රෝවර් යානය බැටරි බැස තිබීම හේතුවෙන් නින්දට පත් කිරීමෙන් පසු නැවත අවදි කිරීම අසීරු වී ඇති බව ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. ඉකුත් අගෝස්තු 23 වැනිදා සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වූ වික්‍රම් හා ප්‍රාග්යාන් යානාවන් සඳට පතිත වන සූර්ය රශ්මිය නතර වීමත් සමගම නැවත හිරු උදා වන තෙක් දින 14ක කාලයකට නින්දට පත් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් පියවර ගෙන තිබිණි. අදාළ යානාවල බැටරි ක්‍රියාත්මක වනුයේ සූර්ය කිරණවලින් වීම මෙයට හේතු වී තිබිණි.

මේ අනුව සඳට නැවත සූර්ය කිරණ පතිත වීම ආරම්භ වූයේ ඉකුත් 22 වැනිදා වුවද ඊයේ (25දා) වන තෙක්ම එම යානා නැවත සක්‍රීය තත්ත්වයට පත් වෙමින් අවදි නොවූ බව ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයෝ පවසති. දිනයෙන් දිනයට නින්දට පත් වික්‍රම් හා ප්‍රාග්යාන් යානාවන් අවදි වීමේ හැකියාව අඩු වෙමින් පවතින නමුදු ඒවා නැවත පණගැන්වීම සඳහා එම යානා හා සන්නිවේදන කටයුතු ඇරඹීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බව ඔවුහු සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment