ශ්‍රී ලංකා “ඒ ” කණ්ඩායම ලකුණු 258 යි

331

ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕමාන ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 20 ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එම කඩුලු 4 න් කඩුලු 2 ක් ලහිරු සමරකෝන්ට හිමි වූ අතර ප්‍රමෝද් මධුශාන් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගෙන තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 60 ක් ලබා ගත් අතර සහන් ආරච්චිගේ ලකුණු 48ක් සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 43 ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment