ලෝක ශූර සැමුවෙල්ස්ට වසර හයක ක්‍රිකට් තහනමක්

715

2012 සහ 2016 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ අවස්ථාවන් දෙකේ අවසන් මහා තරගයේ වීරයා වූ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කළ බවට වරදකරු වීම හේතුවෙන් සැමුවෙල්ස්ට එම දඬුවම් පනවා ඇත.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අදාළ චෝදනා ගොනු කර තිබුණු අතර 2023 වසරේ නොවැම්බර් 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහුට එරෙහිව අයිසීසී ය මෙම තහනම පනවා ඇති බව නිවේදනය කළේය.

මාලන් සැමුවෙල්ස් 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment