ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ඉන්දික අද තරග වදී

37

උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් අගනුවර දී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ඉන්දික චතුරංග දිසානායක අද (06 වැනිදා ) තරග වැදීමට නියමිතය.

ඔලිම්පික් ශ්‍රේණිගත කිරීමට අනුව 33 ස්ථානයේ රැඳී සිටින ඉන්දික චතුරංග පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනා ගෙන ඇත.

අද තරග ඉසව්වේ දී තම උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් මීළඟ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබා ගැනීමට උත්සාහ ගන්නා බවත් එමෙන්ම පවතින ශ්‍රේණිගත කිරීමට වඩා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු සහභාගි වී සිටින අතර එහිදී පළමු තරගයට සහභාගි වූ හංසනී ගෝමස්ගේ උත්සාහය අසාර්ථක වී ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment