නව දඟපන්දු පුහුණුකරුවෙක් එයි

141

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු පුහුණුකරු ලෙස ඔස්ටේ්‍රලියානු ජාතික ක්රොග් හොවාඩ් වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඇෆ්ගනිස්ථානය සමගින් එළඹෙන 09 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ පටන් ඔහු එම තනතුරෙහි කටයුතු කරනු ඇති බවයි.

හොවාර්ඩ් අන්තර්ජාතික තරග ක්‍රීඩා කර නොමැති අතර, පළමු පෙළ තරග පමණක් ක්‍රීඩා කොට ඇත.

ඔහු නවසීලන්ත කාන්තා කණ්ඩායමේ හා වික්ටෝරියානු පළමු පෙළ පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කර ඇත.

ඔහු වසර 12 ක් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ දඟපන්දු උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ තෙවැනි මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment