ඉන්ජිනේරුවන් 300ක් රට හැර යන ලකුණු

86

බදු ඇතුළු පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ඉංජිනේරුවෝ තුන්සියයක් රට හැර යාමට සූදානම් වන බව රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවැසීය. ඉංජිනේරුවෝ හාරසියයක් පමණ මේ වනවිට රට අතහැර ගොස් සිටින බවද හෙතෙම පැවැසීය. රාජ්‍ය සේවාවේ සමස්ත ඉංජිනේරුවන්ගේ

සංඛ්‍යාව 1536 ක් බවත් මෙම වසර අවසන් වනවිට ඉංජිනේරුවෝ 750ක් පමණ රට අතහැර යාමෙන් මෙරට සංවර්ධනය අකර්මණ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය.

රට සංවර්ධනය කිරීමේ මහා පරිමාණ ඉදි කිරීම්, සැලසුම් කිරීම සහ පවත්වාගෙන යාමට දේශීය ඉංජිනේරු තාක්ෂණය සපයා ගැනීම බරපතල අර්බුදකාරී තත්ත්වයට පත්වනු ඇති බවත් මහා පරිමාණ ජලාශ, මහා මාර්ග අධිවේගී මාර්ග සහ මහා පරිමාණ ගොඩනැගිලි

ඇතුළු රටේ සමස්ත සංවර්ධනයෙන් හරි අඩක් පමණ අඩාලවනු ඇති බව ඔහු පැවැසීය. දරාගත නොහැකි බදු බර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ආර්ථික පීඩනය ඒ සඳහා බලපා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment