නත්තල භුක්ති වින්දේ කෙසේද?

85

ජේසු ඉපදුනේ දෙසැම්බර් 25 වැනිදා කියා සලකමින් එතුමන්ගේ උපත සිහිකර උත්සව පවත්වනු ලැබෙයි. වැඩිදෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ මෙලොවට මිනිස් රූපයෙන් පැමිණීම සිහි කිරීමට දෙසැම්බර් 25 වෙනිදා යොදා ගැනීම කුමන ක්‍රමයකින් හෝ සිදුවී ඇත්නම් එය එදින විශේෂ ආකාරයෙන් සිහිකිරීම සිහි නොකිරීමට වඩා යහපත් දෙයකි.

ජේසු මෙලොවට ඉපදීමත් ඉපදීමෙන් පසු අවුරුදු 30 ක පමණ කාලයක් මෙලොව මිනිසකු වශයෙන් ජීවත් වී මිනිසාගේ ගැලවීමේ මාර්ගය දේශනා කර, මිනිසාගේ පව්වලට වන්දි ගෙවීම පිණිස මරණයට පත්වී මරණයෙන් උත්ථාන වීමත් එකිනෙකට සම්බන්ධිතය.

ජේසුගේ උපත සිහිකරන්නා අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ මරණයත්, මරණයෙන් නැගිටීමත් උන්වහන්සේ ඉගැන්වූ ගැලවීමේ මාර්ගයත් සිහිපත් කරයි. ඇත්තෙන්ම ජේසු උපත හා උන්වහන්සේ ලොවට ගෙනා පණිවිඩයත් සැමදාම හා සැම මොහොතේම සිහිකිරීම සෑම කිතුනුවාගේම වගකීම හා වරප්‍රසාදයකි.

ජේසු උපත සිහිකිරීමට භාවිතා කරන දේවලින් නත්තල් ගසත් ඇතුළත් වී තිබීම හරිද?

ජේසු උපත සිහිකිරීමට භාවිතා කරන දේවලින් ජේසු මැව්වා වූ නත්තල් ගසත් ඇතුළත්ව තිබීමේ වරදක් නැත. නත්තල් ගස වැනි දේවලින් ජේසු උපත සිහිකර ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ජේසුගේ ගැලවීමේ පණිවිඩය කෙරෙහි සෑම දිනම හා සෑම මොහොතේම වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම ඉතා යෝග්‍යය.

දෙවිපියාණන් වහන්සේ සහ ජේසු සෑම මිනිසාටම මුළු හදවතින්ම හා මුළු සිතින් හා මුළු ඉස්පිරිත්තුවෙන් (ආත්මයෙන්) හා මුළු ශක්තියෙන් ආදරය කරති. උන්වහන්සේලා අන් කිසිවෙක් තවත් කෙනෙකුට දක්වන ආදරයට වඩා වැඩි ආදරයකින් සෑම මිනිස් පුද්ගලයාටම ආදරය කරති. උන්වහන්සේලා සෑම මිනිස් පුද්ගලයාගේම ඉහළම යහපත සඳහා අන් කිසිවෙකුට වඩා ආශා කරති, වැර දරති. මේ දේව ආශාව සිදුවීමට මිනිසා තමාගේ පව්වලට පසුතැවිලි විය යුතුය. ජේසුගේ උපත ජීවිතය-මරණය-උත්ථානවී-සදාකල් ජීවත් වීම නිසා සෑම මිනිස් පුද්ගලයාටම තම පව්වලට පසුතැවිලි වී ගැලවීම ලබාගත හැකිය. එසේ කරන විට සෑම පුද්ගලයාටම සැමදාම නත්තල්ය.

මාරියෝ ප්‍රනාන්දු පුල්ලේ

නත්තල භුක්ති වින්දේ කෙසේද?
advertistmentadvertistment
advertistmentadvertistment