වසර 10කට පසු සේනානායක සමුද්‍රය පිරී උතුරයි: වාන් දොරටු පහම අරී

482

වාන් දොරටු පහම අරී

මොනරාගල ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ජලයෙන් පිරීමත් සමඟ එහි වාන් දොරටු පහම ඉකුත් 02 වැනිදා විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු සුගත් ගමගේ මහතා පැවසීය.

සේනානායක සමුද්‍රයේ ජලපෝෂිත ප්‍රදේශය වන බිබිල ගල්ඔය ප්‍රදේශයට අධික ලෙස වර්ෂාව ලැබීමත් සමඟ ඉඟිනියාගල ජලාශයේ ජල මට්ටම 90% දක්වා වැඩිවී ඇත.

ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි හය ලක්ෂ හැටදෙදහස් අටසියයකි. වගා කෙරෙන කුඹුරු අක්කර ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකි. වර්ග සැතපුම් තුන්සිය අසූහතරක ජල පෝෂක ප්‍රදේශයකින් යුතු සේනානායක සමුද්‍රය ලංකාවේ වැඩිම ජලධාරිතාවක් ඇති ජලාශයයි.

වසර දහයකට පසු ජල මට්ටම මෙලෙස වැඩිවී තිබෙන අතර එහි වාන් දොරටු පහම අඩි දෙකක් පමණ උසට විවෘත කොට ජලය ගල්ඔයට ගලා යෑමට ඉඩ සලසා ඇත.

එබැවින් ගල්ඔය පහළ කොටසේ දෙපස සහ ඉඟිනියාගල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටී.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment