ජනවාරි 25 න් පසු දැනුම් නොදී විසිදහස ඉල්ලා සටන යළි අරඹනවා – රාජ්‍ය – පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව

69

මාසික වැටුප් ලබන සියලු සේවකයන්ට ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් හෝ අවම රුපියල් 20,000 ක දීමනාවක් මෙම මස වේතනයට ලබා නොදෙන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට තීරණය කළ බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ රුපියල් දසදහසේ දීමනාව 2024 අප්‍රේල් මස සිට ලබාදෙන බවට පොරොන්දු වුවත් පවතින තත්ත්වය යටතේ එය 20,000 දක්වා වැඩිකළ යුතුව ඇති බව ද එම එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා ඊයේ (02 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“වැට් ඉහළ දැමීමත් සමග බඩු මිල වගේම ඉන්ධන, ගෑස්, ජල බිල් සහ සියලු සේවාවන්හි මිල ගණන් ඉහළ ගිහින්. වැටුප් පූර්ණ ලෙසම පහත බැස තිබෙනවා. අපි ඉල්ලා සිටි වැටුප් වැඩිකිරීම හෝ 20,000 දීමනාව ලබාදීමට මේ රජය පියවර ගෙන නැහැ. අපේ පඩියෙන් අඩුකළ 6% වෙනුවට දැන් 8% ක් කපන්න තීරණය කරලා. අපිට විකල්ප නැහැ. අපි ජනවාරි 25 වනතුරු මේ රජයට කල් ලබාදෙනවා. ඊට පසු නැවත දැනුම් දීමකින් තොරව මේ පවතින තත්ත්වයට එරෙහිව පියවර ගැනීම සඳහා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට අපි තීරය කර තිබෙනවා” යැයි ද චන්දන සූරියආරච්චි මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment