විවාහ කරගන්නවා යැයි පොරොන්දු ලබාදී 17 තරුණියට අතවර කළ 21 තරුණයා අල්ලයි

543

විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් ලබා දී දාහත් හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන විසිඑක් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් පෙරේදා (13 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා විසින් තමා සේවය කරන මල්වානේ, වල්ගම ප‍්‍රදේශයේ පුද්ගලික දුරකථන සේවා ආයතනයට එම තරුණිය ගෙනැවිත් ඇයට මේ අපරාධය සිදු කර ඇතැයි කියති.

මෙම තරුණයා හා තරුණිය රාගම මහ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකටද යොමු කර තිබේ.

තරුණිය නුවරඑළිය ප‍්‍රදේශයේ පදිංචි දමිළ තරුණියකි. තරුණයා මල්වානේ පදිංචි මුස්ලිම් තරුණයෙක් වන අතර ඔහු මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. ධනංජය රාජපක්ෂ, කා.උ.පො.ප. හේවගේ, සැරයන් අල්විස් (26942), චන්දන (63767) හා කා.පො.කො. සමීරා (10622) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment