පොලිසියට 175යි

750

ශ්‍රීමත් කැම්බල් – රිචඩ් අලුවිහාරේ සිට පොලිස්පතිවරු 35 ක්

1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිතව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ 157 වන සංවත්සරය 2023.09.03 වන දිනට යෙදී තිබේ

ජනතාවට මුහුණ දෙන්නට සිදුවන විවිධ උවදුරු වලින් ජනතාව මුදාගෙන ඔවුනට බියෙන් සැකෙන් තොරව තම තමන්ගේ දේපළ ආරක්ෂා කරගෙන සාමකාමීව ජීවත්විය හැකි සමාජ පරිසරයක් සකසා දීම පොලිසිය සතු අතිශය වැදගත් රාජකාරියකි

ශ්‍රී ලංකාවේ සේවාවන් සපයන රාජ්‍ය ආයතන අතර වසර 157 ක ඉතිහාසයයේ රට හා පොදු මහජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ආයතන වලින් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් බව අප සඳහන් කරන්නේ හදපිරි සතුටිනි. රටේ ආරක්ෂාව හා සමාජ සුබසාධනය සැලසීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තම වගකීම පොලිසිය විසින් ඉටුකර ඇත.

ලංකා පොලිසියේ ප්‍රථම පොලිස්පති ධුරයට පත්වූ ශ්‍රීමත් ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් මහතාගේ සිට මේ වනවිට පොලිස්පතිවරු 35 දෙනකු නායකත්වය සපයා ඇත. 35 වන පොලිස්පතිවරයා වන්නේ වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාය.

පොලිසියට 175යි

අප රටේ පොලිසිය විකාශනය වූ ආකාරය සම්බන්ධව ගවේෂණාත්මකව බැලීමේදී, ආරම්භක අවධියේදී අඩු ජනගහනයක් සිටින අපරාධ ප්‍රචණ්ඩ නොවූ අවධියක විදේශිකයන්ගේ අවශ්‍යතාව හා වතුවගාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පිහිටු වූ ආයතනයක් බව ඉතිහාසගත වී ඇත.

ක්‍රමිකව රටේ හා ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් වෙනස් වූ ශ්‍රී ලංකා පොලිසියට 1947 ප්‍රථම ලාංකීය පොලිස්පති රිචඩ් අලුවිහාරේ මහතාගේ පත්වීමත් සමග බ්‍රිතාන්‍ය ආභාෂයේ තිබූ ලංකා පොලිසිය ස්වදේශිකරණයේ ආරම්භය සිදු විය. ලෝකයේ සංවර්ධනයත්, අධ්‍යාපන රටාවන් වෙනස් වීමත්, විවෘත ආර්ථිකය ගෝලීයකරණය වැනි හේතුන් නිසා ජනතාව අතර ඇතිවූ විවිධ තරගකාරීත්වය මමත්වය හා මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ වෙළෙඳාම හා බලවතුන්ගේ ආධිපත්‍ය පැතිරීම ආදිය නිසා සමාජ පර්යාය බිඳවැටී සිදුවූ සමාජ අපගමනයන්ගේ ප්‍රතිඵලය අපරාධ හා අපරාධයේ ඇති ප්‍රචණ්ඩත්වයන් වැඩි වීමය. ඒ අනුව පොලිසියටද තම රාජකාරි වපසරිය සීමා මායිම් නොතකා නව නීති අණපනත් සමඟ රාජකාරිය කාලානුරූපව වෙනස් කර ගැනීමට සිදුවිය.

වසර 156 ක කාලයක් වෙනස් වූ පොලිසිය පොදු ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් 157 වන පොලිස් දිනයට පා තබන්නේ සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීම් හා කාලෝචිත ව්‍යාපෘති ගණනාවක් සම්පූර්ණ කරමිනි.

අපරාධ විසඳීමේ ප්‍රවණතාව හා ප්‍රජා පොලිස් සේවාවන්

ජනතාවට මුහුණ දෙන්නට සිදුවන විවිධ උවදුරු වලින් ජනතාව මුදාගෙන ඔවුනට බියෙන් සැකෙන් තොරව තම තමන්ගේ දේපළ ආරක්ෂා කරගෙන සාමකාමීව ජීවත්විය හැකි සමාජ පරිසරයක් සකසා දීම පොලිසිය සතු අතිශය වැදගත් රාජකාරියකි. රටේ පවතින සමාජ ආර්ථික වටපිටාව හමුවේ අගහිඟකම් වලින් පීඩිත ජනතාව අපරාධවලට පෙළඹීමට ඉඩකඩ තිබුණද ප්‍රජා පොලිස් සේවාවන් බලගන්වමින් අපරාධ පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා විශේෂිත ක්‍රියාදාමයන්ද නීතිය ක්‍රියාවේ යොදවමින් අපරාධ විසඳීමේ ක්‍රියාවලිය ද ප්‍රශස්ත මට්ටටමකට රැගෙන ඒමට සමත්විය. රටේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාන මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරමින් නව කොට්ඨාස 05 ක් වෙන වෙනම ස්ථාපිත කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සාර්ථක

විමර්ශනයන් රාශියක් සිදුකරමින් සිටී. පශ්චාත් යුද සමය දැවැන්ත කැපවීමකින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා පොලිසියට මුහුණ දෙන්නට සිදුවූ කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අවපාතය හමුවේ ජනතාව අතර ඇතිවූ විවිධ ගැටුම් පාලනය කිරීමටද මැදිහත්වීමට සිදුවිය. ප්ලාස්ටික් භාවිතය හා සිදුවන පරිසර විනාශයන් හමුවේ පරිසර විද්‍යාඥයන් පවසන අන්දමට ලෝකයේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමටත් ජලය නිසා ඇතිවන ගැටලු නිරාකරණය කිරීමටත් පොලිසියට ආරක්ෂක අංශවලට වැඩි කැපවීමක් කිරීමට සිදුවන බව අනුමාන කර මත පළ කරයි. එවන් අභියෝග වත්මන් කාලය වන විටද ඇතැම් ස්ථානවල මතුවන අවස්ථා වාර්තා වේ. පෙර වර්ෂවලට වඩා ජලය මුල් කරගත් පැමිණිලි ගැටුම් පොලිසියට වාර්තා වේ.

මත්ද්‍රව්‍ය පාලනය හා වැටලීම්

අවශ්‍ය අවස්ථාවන් වලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයද ඇතිව මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමත්, ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගනිමින් විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද හැකිවිය. නීතිය ක්‍රියාත්මක කිරීමත්, දැනුවත් කිරීමත් ප්‍රජා පොලිස් සේවාවන් ලෙස සවිය ප්‍රජාපාදක වැඩසටහන හා සමාජ මාතා පුනරුත්තාපන වැඩසටහන් වැනි විවිධ රාජ්‍ය ආයතන, ස්වෙච්ඡා සංවිධාන, මහජන ආරක්ෂක කමිටු වල සහාය ඇතිව මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට දායකවීම, මත්ද්‍රව්‍ය මැඬලීමට ගන්නා ලද දැවැන්ත තීරණයන් විය.

රථවාහන කළමනාකරණය හා රිය අනතුරු අවම කිරීම.

දිනෙන් දින මහා මාර්ගයට එකතුවන වාහන ප්‍රමාණය අධික වුවත් මාර්ග තදබදය අවම කරමින් ගමන් ගන්නා වූ දිසාවට වාහන සුමට ගලනයක් ඇතිකිරීමට වාහන හැසිරවීම සඳහා රථවාහන කළමනාකරණය පිළිබඳ පාඨමාලාවන් කනිෂ්ඨ නිලධාරීන්ට හා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් වැඩි පිරිසකට ලබා දෙන ලදී. එමෙන්ම යහපත් මහජන ආමන්ත්‍රණයන් සඳහා පුහුණුවීම්ද, බීමත් රියදුරන් අත්අඩංගුවට ගනිමින් රිය අනතුරු පාලනය කිරීම සඳහා දෛනිකව සිදුවන රාජකාරිවලට අමතරව රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් රාජකාරියද වැඩි කරන ලදී.

සන්නිවේදනය හා සාමජ මාධ්‍ය වේදිකා සකස් කරමින් සයිබර් අපරාධ පාලනය.

ලෝකයේ ඇති වූ දැවැන්තම සමාජ පුනරුදය වන කාර්මික විප්ලවයෙන් පසු වර්තමානයේ ලොව ඇති වී තිබෙන සන්නිවේදන විප්ලවය සාමාජ මාධ්‍ය භාවිතයේ දියුණුම යුගයකට අවතීර්ණව සිටී. සෑම පුද්ගලයෙකුගේම අත තිබෙන ස්මාට් ජංගම දුරකථනය තියුණුම ආයුධය වී ඇත. ඒ ආශ්‍රයෙන් ගොඩනැගෙන මත ගැටුම් ආරාවුල් සංවාද ඇතැම් අවස්ථාවලදී ජනසමාජය අනෝමීය තත්ත්වයකට නැඹුරු කරයි. ඒ තුළින් ඇතිවන තාක්ෂණික අර්බුද විසඳීමට පොලිසියට මැදිහත්වීමට සිදුවේ. නව දැනුම යථාවත්වීමට සෑම පුද්ගලයකුම ස්මාට් ජංගම දුරකථනය අතැතිව සිටී. ඒවා අපරාධ සඳහා මෙන්ම පුද්ගලයන්ගේ චර්යාවන් සදාචරාත්මක නොවන ලෙස වැරදි සමාජ ගත කිරීම සඳහාද ක්ෂණිව යොදා ගනී. එවැනි අපරාධ වැළැක්වීම සඳහා සයිබර් අපරාධ වැළැක්වීමට වෙනම කොට්ඨාසයක් ස්ථාපිත කිරීමද සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා නවක පොලිස් නිලධාරීන් පුහුණුකරමින් පොලිස් Web, youtube, TikTok වැනි සමාජ මාධ්‍ය ආරම්භ කිරීම හා නිරීක්ෂණය කිරීමද, පැය 24 පුරාවට මාධ්‍ය නිරීක්ෂණ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කිරීමද 119 පුවත්පත ආරම්භ කර පවත්වාගෙන යෑමද සන්නිවේදන මාධ්‍ය තුළ කිසියම් ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වීමකි.

තාක්ෂණික මෙවලම් භාවිතයේ ඵලදායීතාව

අඩු සම්පත් භාවිතයෙන් වැඩි ඵලදායිතාවක් ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් තුළ ආකල්පයක් ඇති කිරීමටත් විශේෂයෙන් මාර්ගගත ක්‍රමය (On line) තාක්ෂණය ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික තොරතුරු යථාවත් කිරීමේ PMIS පද්ධතිය හා අපරාධ විශ්ලේෂණ පද්ධති වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම මගින් කාලය හා පිරිවැය කළමනාකරණය කිරීමට සමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමද සිදු විය. ඩ්‍රෝන කැමරා භාවිතය සඳහා විශේෂ කණ්ඩායමක් පුහුණු කිරීමද ඒ අතර විය.

බඳවා ගැනීම් හා උසස් වීම්

කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති නිලධාරීන්ගේ උසස්වීම් වලට අදාළ වන කාර්ය පිටිපාටියක් (SOR) යථාවත් කිරීම හේතුවෙන් නිලධාරීන්ගේ බිඳවැටී තිබුණු මානසික තත්ත්වයෙන් තරමක් දුරට මුදාගෙන රාජකාරි පිළිබඳව කිසියම් අභිප්‍රේරණයක් ඇති කිරීමට සමත් විය. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ක්‍රියාත්මක කිරීම නිලධාරීන් දිරිමත් කිරීමකි. රටේ පවතින තත්ත්වය අනුව රැකියා නොමැති තරුණයන් හට පොලිසියට ඇතුළත්වීමට අවස්ථාවක් සලසමින් 2000 ක් බඳවා ගැනීමට අවස්ථාවක් ලද අතර 21/22 වර්ෂයේ කොස්තාපල් ශ්‍රේණියට හා උප පොලිස් පරීක්ෂක ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන්ගෙන් බහුතරයක් උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් වැනි වැඩි අධ්‍යාපන සුදුසුකම් සහිත නිලධාරීන් වීම විශේෂත්වයකි.

ඒ අතර ඉතිහාසයේ බොහෝ කලකට පසු අවම නවක නිලධාරීන් ප්‍රමාණයක් පොලිසියට ඇතුළත් කරගත් වසරක් ලෙසත්, වැඩිම පිරිසක් එක් දිනයක විශ්‍රාම ලබාගත් දිනයක් ලෙසත් 2022 දෙසැම්ර් 31 වන දින ඉතිහාසයට එක්විය. එවැනි තත්ත්වයන් යටතේ වුවද පොලිස් ස්ථාන 607 හිම දෛනික රාජකාරි ජනතා සේවාවන් නොපිරිහෙලා ඉටුකිරීමට සමත් විය.

පොලිස් නිලධාරීන් සඳහා පුහුණුවීම් විධිමත් කිරීම

පොලිස් නිලධාරීන්ගේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කරගනිමින් අපරාධ මත්ද්‍රව්‍ය රිය අනතුරු දුසිරිත් පිටු දැකීමේ, මෙහෙයුම් යාවත්කාලීන කරගැනීමට අවශ්‍ය පුහුණුවීම් නිරන්තරයෙන් සිදුවිය. පොලිස් විද්‍යාලයෙන් ලබාදෙන පුහුණුවට අමතරව ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් ලබා දෙන රජයේ විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත උසස් පුහුණු පාඨමාලාවන්ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් නීති උපාධිය හා පොලිස් විද්‍යා උපාධිය සඳහා නිලධාරීන් ඇතුළත් කිරීම හා පොලිස් රෝහලට අවශ්‍ය කරන වෛද්‍ය වෘත්තිය සඳහා පුහුණු කිරීම් ආරම්භ කිරීම පොලිසියේ අනාගතය ගොඩනැගීම සඳහා උපයෝගි වන දූරදර්ශී ආයෝජනයන් වේ.

සෑම තනතුරකටම උසස්වීම් ලැබීමේදි තනතුරට හැඩ ගැසීමේ පාඨමාලාවත්, කාලීනව දැනුම යථාවත් කිරීම සඳහා සේවස්ථ පුහුණු වැඩ සටහනත්, පොලිසියේ ඵලදායිතාව ඉහළ නැංවීමට සමත්වී ඇත.

පොලිසියට 175යි

සුබසාධනයන්

සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට සුබසාධනයන් සැලසීම මගින් ආයතනයට ලබා ගතහැකි සේවය උපරිමය දක්වා වැඩි කිරීමටත් එම ප්‍රතිලාභ නිසා ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් විශේෂයෙන් රට වෙනුවෙන් සේවය කර ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් මෙන්ම තම ජීවිතයම කැපකළ නිලධාරීන් හා ඔවුන්ගේ

පවුල්වල පිරිස් සඳහා සුබසාධනයන් නිරන්තරයෙන් සිදුකරනු ලැබේ. සුබසාධනය කළ යුතු අවස්ථාවලදී ලබා දෙන ප්‍රතිපාදන වැඩිකිරීමටද කටයුතු කරන ලදී.

මහජන සේවාවන් කඩිනම් කිරීම

පොලිස් සේවාවන් බොහොමයක් ප්‍රජා පොලිස් සේවාවන් ලෙස මහජනයාගේ ගෙමිදුලටම රැගෙන යෑමට හැකි විය. විවිධ හේතුන් නිසා වත්මන් කාලය තුළ විදේශ ගතවන ලාංකීය පිරිස වැඩිවී ඇත. මෙම පිරිස සඳහා ප්‍රමාදයකින් තොරව පොලිස් නිශ්කාශන වාර්තා සැපයීම මාර්ගගත ක්‍රමය (On line) ඔස්සේ කඩිනම් කිරීම මහජන සේවයකි. අස්ථානගත වූ වටිනා ලියකියවිලි රියදුරු බලපත්‍ර හැඳුනුම්පත් ලබා ගැනීම හා සිවිල් නඩු සඳහා පැමිණිලි පිටපත් නිකුත් කිරීම කඩිනම්ව සිදුකිරීම සඳහා විශේෂ ලේඛනයක්ද හඳුන්වා දෙන ලදී. විවිධ පැමිණිලි විභාග කිරීම සඳහා පොලිස් ජංගම සේවාවන් පැවැත්වීම හා මෙහෙයුම් මගින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් ජනතා සේවාවන් වන අතර සමස්ත පොලිසියේ ධාරිතාව වැඩිවීම යනු මහජන සේවාවන් වල ඵලදායීතාව වැඩිවීමකි.

පවතින ආර්ථීක සමාජීය පසුබිම හමුවේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දෙන්නටත්, ඒවා ලබා ගැනීම සඳහාත්, වෙර දරන රජයේ හා ජනතාවගේ අතර මැද සිට පොලිස් නිලධාරියකු තම රාජකාරිය ඉටුකරන්නේ තමන්ගේ මිනිස් අවශ්‍යතා මඳකට අමතක කර දමමිනි.

එබැවින් අතීතය මෙනෙහි කිරීමත්, තත්කාලයේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, අනාගත අභියෝගවලට අවශ්‍ය නීති රීති ගොඩනගමින් තිරසාර සංවර්ධනයට දායකවීමට ජනතාව පෙළඹවීම පොලිස් රාජකාරියේ මුඛ්‍ය පරමාර්ථයක් බව 157 වන පොලිස් දිනයේදී අප අවධානය යොමු කරමු.

රට තුළ ඇතිවූ නොයෙකුත් යුද්ධ, ස්වාභාවික විපත්, ආර්ථික අර්බුද, හමුවේ රට හැරගිය පිරිස් ඒවා අවසන් වීමෙන් පසුව හා ලෝකයේ දරුණු විපත් ඇති වු අවස්ථාවලදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා මෑත ඉතිහාසයේ දැක ගත හැකි විය. එහෙත් කාකි කබාය හැඳ පැය 24 පුරා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් ජනතාව සමඟ රැඳෙමින් නිවැරදි දිසාවට ජනතාව සමඟ රට ඔසවා තැබීමට වෙර දරනු නොඅනුමානය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය

advertistmentadvertistment
advertistmentadvertistment