ඇෆ්ගනිස්තානය සටනට එයි

202

ශ්‍රී ලංකාව සමග එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (22 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙතින් දිවයිනට පැමිණියේය.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 28 දෙනකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඉන් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනකු ඊයේ උදෑසන 08.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අනෙක් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම උදෑසන 10.40 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 25, 27 සහ 30 යන දිනවල පවත්වනු ලබන එක් දින සීමිත ඕවර 50 තරග 03 කට සහභාගී වීමට නියමිතය.

එහෙයින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, එතැන් සිට කෙලින්ම මහනුවර බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළ සිට දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කණ්ඩායම කැඳවා ගෙන යනු ලැබීය.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment