අයිස් වෙනස් නොවී කුඩු හුණු වෙලා – රස පරීක්‍ෂක කාර්යාලය කියයි

508

රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ විමර්ශනවලට යොමු කරන නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්කුඩු වෙනුවට සියයට හැටක පමණ තිබෙන්නේ වේදනා නාශක පෙති කුඩු, බිත්ති හුණු ඇතුළු ඒ සමාන විවිධ කුඩු වර්ග බවට ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන් දැනුවත් කර ඇතැයි රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

එහෙත් රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ පරීක්‍ෂණවලට එවා තිබෙන අයිස් මත්ද්‍රව්‍යවල මෙතෙක් කිසිදු වෙනසක් වී නැතැයිද රස පරීක්‍ෂක කාර්යාලය පෙන්වා දෙයි.

යම්කිසි දිනක අයිස් මත්ද්‍රව්‍ය පවා වෙනස් විය හැකි බව රජයේ රස පරීක්‍ෂක කාර්යාලය අනතුරු හැඟවීමක් කරයි.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන මත්කුඩු වෙනුවට සමහර නඩු භාණ්ඩවල මෙම වෙනස තිබෙන බව රජයේ රස පරීක්‍ෂක කාර්යාලය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment