හැම දෙයකින්ම අසමත්වූ පාලකයන් ජාතිවාදය වපුරා බලයට එන්න හදනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

174

සියලු‍ ක්ෂේත්‍රයන්ගෙන් අසමත්ව ඇති පාලකයන් නැවත වරක් ජාතිවාදය වපුරා බලයට පැමිණිමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 21 වැනිදා චෝදනා කර කියා සිටියේය.

මේ වනවිට ඒකී පිල්ලි ක්‍රමානුකූලව කරළියට පැමිණීමට පටන්ගෙන තිබෙන බවත් කී හෙතෙම පාලකයන් පැරණි අසාර්ථක සිතියම නැවත එළීමට පටන් ගෙන තිබෙන බවත් කීවේය.

මෙතෙක් කලක් නොයෙක් අදහස් පලකළ පාස්ටර් ජෙරොම්ගේ වත්මන් ප්‍රකාශ මේ වෙලාවේ නිකං කියවෙන ප්‍රකාශන නොවන බවත් කී දිසානායක මහතා ඔහුගේ වත්මන් ප්‍රකාශය සමඟ සමාජ බලවේග සහ මාධ්‍ය පෙළ

ගැසෙන ආකාරය සියුම්ව නිරීක්ෂණය කළහොත් නව සැලැස්ම තේරුම්

ගැනීමට හැකිවනු ඇතැයිද කීවේය. ජාතිවාදයේ ගිනිදැල් වලින් ඇති තරම් බැට කෑ රටක් ලෙස නැවැත රට තුළ කිසිදු ජාතිවාදයකට කිසිදු ආගම් වාදයකට ඉඩ ලබා නොදිය යුතු යැයි හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ජාතිවාදයේ බඩපිනුම් ගසද්දී ජවිපෙ ව්‍යාපාරයක් ලෙස පොඩි ව්‍යාපාරයක් වුවත් මේ වන විට ඔහුගේ බෑනා වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිවාදයේ බඩපිනුම් ගසද්දී ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ව්‍යාපාරයක් ලෙස ලංකාවේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය

ගොඩනගා තිබෙන බවත් හෙතෙම කීවේය.

එම නිසා අප ජාතිවාදී බඩපිනුම් ගැසීමට වත්මන් පාලකයන්ට කිසි ලෙසකවත් ඉඩ ලබා නොදෙන බව හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

දිසානායක මහතා ඊයේ (21දා) එම අදහස් පළ කළේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව කුරුණෑගල නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ අදහස් දක්වමිනි.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment