මිතුරාගේ ඔත්තුවෙන් හොරා අල්ලයි

1431


මිතුරාගේ නිවසට ඇතුළුවී මුදල් සොරකම් කළ පුද්ගලයා නිවස තුළ කොටුවී පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

තම සොහොයුරාට අයත් දෙමහල් නිවසක ඉහළ මාලයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගේ නිවසේ තිබූ මුදල් වරින් වර අතුරුදන්වී තිබූ බැවින් ඔහුගේ තවත් අසල්වැසි මිතුරකුට මෙම තත්වය පවසා තමන් නිවසේ නොමැති අවස්ථාවල නිවස පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස දන්වා තිබුණි.

ඉකුත් 09 වෙනි දින සවස එම නිවසේ දොර කිසිවෙකු විවෘත කර ඇති බව දුටු අසල්වැසියා රහසිගතව උඩුමහලේ නිවසේ දොර ළඟට ගොස් විපරම් කරන විට සැකකරු නිවස තුළ සිටින බව දැක කඩිනමින් විවෘත කර තිබූ දොර අගුළුදමා නිවෙස් හිමියා වෙත දුරකතන ඇමතුමක් දී ඇත.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.සුදුසිංහ මහතාගේ උපදෙස් මත රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් සැරයන් 56109 ප්‍රියන්ත ඇතුළු පොලිස් නිලධාරීන් විසින් එම නිවසට ගොස් නිවස තුල කොටුවී සිටි අකුරැස්ස ප්‍රදේශයේම පදිංචි නිවෙස් හිමියාගේ මිතුරෙකු වන 33 හැවිරිදි අවිවාහක පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment