ක්වීන් චෙස් තරගාවලියේදී – සන්දුලා සහ ඔෂිනි දක්ෂතා දක්වති

236

 ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන ඔන්ලයින් ක්වීන් චෙස් තරගාවලියේදී ආසියානු කලාපයේ දෙවැනි ස්ථාන දෙකක් දිනා ගැනීමට මියුසියස් විද්‍යාලයේ සන්දුලා දහම්දි සහ රත්නපුර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ඔෂිනි ගුණවර්ධන සමත් වී තිබේ.
 
 එහිදී තරගාවලියේ ශ්‍රේණිගත ලකුණු 1500-1699 අතර කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සන්දුලා දහම්දි සමත්වූ අතර ශ්‍රේණිගත ලකුණු 1500ට අඩු කාණ්ඩය යටතේ දෙවැනි ස්ථානයට පත්වන්නට ඔෂිනි ගුණවර්ධන සමත් වූවාය.
 
 මෙම තරගාවලියේ මූලික අදියර ආසියානු, අපි‍්‍රකානු, ඇමෙරිකානු සහ යුරෝපීය මහද්වීපික කලාප ලෙස පවත්වනු ලැබූ අතර එහිදී සෑම මහද්වීප ඉසව්වකම පළමු ජයග‍්‍රාහකයන් තිදෙනා ලෝක ඉසව්ව සඳහා සුදුසුකම් ලබයි. එ් අනුව ශී‍්‍ර ලංකාවේ සන්දුලා සහ ඔෂිනි ලබන 26 වැනිදා ක්වීන්ස් චෙස් ලෝක ඉසව්ව කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment