කුඹුරු හානිය නතර කරන්න ගවයන් පානය කරන ජලයට වස දමලා

381

පානීය ජලයට වස වර්ගයක් කලවම් කිරීමේ සිද්ධියකින් වවුනියාවේ පූම්බුකාර් ප්‍රදේශයේ ගවයින් 16දෙනකු 20දා වනවිට මිය ගොස් තිබේ.

වස වර්ගය පානය කළ තවත් ගවයින් 17 දෙනකු පමණ රෝගී වී සිටින අතර ඔවුන්ගෙන් කීපදෙනකු මියයන තත්ත්වයේ සිටින බව වවුනියාව් පශුවෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සඳහන් කොට තිබේ.

ගවයින් රංචු පිටින් වගා කළ කුඹුරුවලට පැන ගොයම් කෑම පිළිබඳව උරණ වූ පුද්ගලයකු මේ අන්දමට ගවයින් පානය කරන ජලයට වස වර්ගයක් මුසු කොට ඇති බව ගව හිමියෝ වවුනියාව ඊච්චන්කුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.

ගව හිමියෝ සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය අවස්ථාවේ දී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment