ආරක්ෂාව යකාට යද්දී ගල් විහාර පූජා භූමියේ මස් වැද්දන් රජවෙලා මුවමස් ජාවාරම ජයටම

432

පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පූජා භූමිය මේ වන විට මස් වැද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ගල් විහාර පූජා භූමියේ ජීවත් වන මුවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ශෝචනීය වන අතර එම සතුන්ගේ ජීවිතය මස් වැද්දන්ට විසින් බිලිගන්නා බව ප්‍රදේශවාසීහු කියති.

මුවමස් ජාවාරම මේ වන විට පොළොන්නරුව පූජා භූමියේ දිගෙන් දිගටම සිදුකෙරෙන බවත් මෙහි ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නිලධාරීන් පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් සහ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් පොලිසිය යොදවා සිටියද ඉන් පලක් නොමැති බවද ඔව්හු පෙන්වා දෙති.

පූජාභූමි පරිසරයේ මෙසේ ජීවත්වන මුවන් මේ වන විට මසකට දහදෙනකු 15 දෙනෙකු පමණ මස් වැද්දන් විසින් වෙඩි තබා මරා දමන බවත් ඊට ආසන්නතම සිදුවීම ඊයේ 28 රාත්‍රියේ වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 29දා උදෑසන පොළොන්නරුව ඓතිහාසික කිරිවෙහෙර පාමුල මෙම මෙම අග සහිත විශාල මුවා වෙඩි තබා ඝාතනය කර තිබේ.

අරගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment