අනුරාධපුර නුවරවැව අභිමංසලේ වැඩ කළ මේජර් දිවි නසා ගනී

178

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත රණවිරුවන් රඳවා සිටින අනුරාධපුර නුවරවැව අභිමංසල නිවාඩු නිකේතනයේ සේවයෙහි නියුතුව සිටි මේජර්වරයකු සිය නිදන කාමරයේදී ඊයේ (12 දා) පෙරවරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇත.

තමා සිය දිවි හානි කර ගන්නා අයුරු සිය කාමරයේ කැබිනට් එකක් මත ජංගම දුරකථනය තබා ඒ මගින් වීඩියෝ ගත කිරීමට සලස්වා ගෙල වැලලාගෙන ඔහු මෙසේ සියදිවි හානි කරගෙන ඇත.

අනුරාධපුර මාතලේ හන්දිය සමගි මාවතේ පදිංචිව සිටි තිස් පස් හැවිරිදි එක් දරු පියකු මෙසේ දිවි නසාගෙන ඇත.

මියගිය මේජර්වරයා හා කළුතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග පැවැති අනියම් ප්‍රේම සම්බන්ධයක් මෙම ගෙල වැලලාගෙන සිය දිවිහානි කර ගැනීමට හේතුවී ඇති බව එම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයේදී හා හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12 දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment