එල්.පී.එල්. කාලසටහන එළි දකී… කොළඹට තරග 20ක්

310

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා පි‍්‍රමියර් ලීග් 2021 (එල්පීඑල්) කි‍්‍රකට් තරගාවලියේ නිල කාලසටහන ඊයේ (13 වැනිදා) එළිදැක්විණි. ඒ අනුව දෙවැනි වරටත් පැවැත්වෙන මෙම ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කී‍්‍රඩාංගණ දෙකක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලියේ මූලික වටයේ සියලූම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර අනතුරුව අවසන් මහා තරගය දක්වා සියලූ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එ් අනුව තරගාවලියේ සමාරම්භය දෙසැම්බර් මස 05 වැනිදා සවස 3.00ට පේ‍්‍රමදාස

කී‍්‍රඩාංගණයේදී සිදු කිරීමට නියමිතව ඇති අතර අනතුරුව එදිනම රාතී‍්‍ර 07.00ට තරගාවලියේ පළමු තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට සූදානම් කර තිබේ.

එල්.පී.එල්.  කාලසටහන එළි දකී...  කොළඹට තරග 20ක්

තරගාවලියේ මූලික වටයේදී තරග 20ක් පැවැත්වීමට කටුයතු කර ඇති අතර අවසන් වටය එලිමිනේටර් ක‍්‍රමය යටතේ පැවැත්වීමට සූදානම් කර තිබේ.

අයිපීඑල් තරගාවලියේදී මෙන් මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදීද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක තේරීම සඳහා ‘එලිමිනේටර්’ ක‍්‍රමය හඳුන්වා දී තිබේ. ඒ අනුව අවසන් වටයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනාගෙන සිටින කණ්ඩායම් දෙක තරග වැදීමට නියමිත අතර ඉන් ජය ගන්නා කණ්ඩායමට සෘජුවම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් හිමි වේ. අනතුරුව ඉන් පරාජය වූ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයේ සිටින කණ්ඩායම් දෙක අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග තරග කිරීමට නියමිත අතර ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම බවට පත්වේ. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනය දෙසැම්බර් 23 ලෙසින් සටහන්වී තිබුණද එදින තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අමතර දිනයක් ලබා දීමටද මෙවර කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙ.

කෙසේ වෙතත් පළමු එල්පීඑල් තරගාවලිය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණද මෙම දෙවැනි වරට පැවැත්වෙන තරගාවලිය සඳහා බාධක රැසකට මුහුණු දීමට සංවිධායක කමිටුවට සිදු විය. ලොව පුරා ක‍්‍රියාත්මක වූ අනෙකුත් විස්සයි විස්ස ලීග් තරගාවලි සමග ගැටීම වළක්වා ගැනීමට තරගාවලිය දෙවරක්ම කල් දැමීමට සිදුවිය.

මේ අතර මෙවර තරගාවලිය සඳහා සහාගිවීමට ඉම්රාන් තහීර්, මොහොමඞ් අමීර්, කි‍්‍රස්ගේල්, ඇන්ඩෲ රසල්, ඬේවිඞ් මාලන් සහ ෆෆ් ඩුප්ලෙසිස් වැනි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයින් 74 දෙනකුට වැඩි පිරිසක් සහභාගි වීමට සිය කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කර සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment