ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයට බැඩ්මින්ටන් ජයග්‍රහණයක්

74

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලීය බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් විය. එහිදී සමස්ත ලංකා බාලිකා “සී” කොටසේ 19න් පහළ ශූරතාවය දිනා ගැනීමට ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලීය බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය.

අවසන් තරගයේදී නුගේගොඩ සුජාතා විද්‍යාලය (3-1) වශයෙන් පරාජයට පත් කරමින් ඔවුහු එම ජයග්‍රහණය ලබා ගත්හ.

ජයග්‍රාහී කණ්ඩායම සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු :

වාඩි වී වමේ සිට දකුණට – ප්‍රසන්න කරුණාරත්න (පුහුණුකරු), මහේෂ ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), මේරී නුවන්ති (නියෝජ්‍ය විදුහල්පතිතුමිය), මේරී දර්ශිකා කන්‍යා සොයුරිය (විදුහල්පතිතුමිය), මේරී සුභාසිරි කන්‍යා සොයුරිය (උප විදුහල්පතිනිය) පුෂ්පා පෙරේරා (කණ්ඩායම් ආචාරිනි), ජනුත්මි දයාරත්න (නායිකාව)

සිට ගෙන වමේ සිට දකුණට

ශෙනලි තශ්මිකා, සනුති කරුණාරත්න, විශ්වරා ගුණවර්ධන, යුත්මි ජයකොඩි, (උප නායිකාව), පූජනී ගොඩගම්පල, තරුකි පෙරේරා, අමල්ශා ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment