මධ්‍යම ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

253

මධ්‍යම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලිය

මධ්‍යම ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් 3-0 ක් ලෙස උස්බෙකිස්තානය පරදවා ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (15 වැනිදා) සවස සමත් විය.

ශ්‍රී ලංකාව එම ශූරතාවය දිනා ගත් අඛණ්ඩ දෙවන අවස්ථාව මෙය වේ.

මෙම තරගාවලියේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය හමුවේ පරාජයට පත් වුවත් අවසාන මහා තරගයේදී ඔවුන් පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී 25-14, 25-18 සහ 25-21 ක් ලෙස අවසන් මහා තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, නේපාලය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය යන රටවල් මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment