රග්බි අවසන් පූර්ව සටනට – නවසීලන්තය සහ ආර්ජන්ටිනාව

139

ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැති තරගයෙන් 28-24 ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේය.

ඒ අනුව ලෝක කුසලාන රග්බි තරගාවලි ඉතිහාසයේ 8 වෙනි වරටත් අර්ධ අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වීමට අයර්ලන්ත කණ්ඩායමට සිදුවිය.

එම තරගය අයර්ලන්ත කණ්ඩායමේ නායක ජොනී සෙක්ෂ්ටන් ගේ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩා පරිච්ඡේදයේ අවසන් තරගය ද වූ අතර ජයග්‍රාහී නවසීලන්ත කණ්ඩායම එළඹෙන 20 වැනිදා ආර්ජන්ටිනා කණ්ඩායම සමග අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වේ. ආර්ජන්ටිනාව වේල්සය පරාජය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබුවේය.

අනෙක් අර්ධ අවසන් පූර්ව තරග දෙකෙන් පළමු තරගය එංගලන්තය සහ ෆීජි අතර ඊයේ (15 වැනිදා) රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබූ අතර දෙවෙනි තරගය දකුණු අප්‍රිකාව සහ සහ ප්‍රංශය අතර අද අලුයම පැවැත්වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment