නිදහස ජනතා සභාවේ 6ක් සජිත්ලාගේ සන්ධානයට

304

ගිවිසුමට අත්සන් තැබීම අද

ඩලස් පස්සේ ඒවි – ඩිලාන් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල පක්ෂය ප්‍රධානව ගොඩනගන පුළුල් සන්ධානය සඳහා නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකු අද (05දා) ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

නිදහස ජනතා සභාවේ 6ක් සජිත්ලාගේ සන්ධානයට

මෙම ගිවිසුමට අත්සන් කිරීම අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන බවත්, ඊට තමා මෙන්ම මහාචාර්ය ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා, කේ. පී. කුමාරසිරි, වසන්ත යාපා අබේවර්ධන සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මන්ත්‍රීවරු අත්සන් තබන බවත් හෙතෙම සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරියේදී මෙම සන්ධානයට එක්වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් රොෂාන් රණසිංහ මහතා සමග එක්ව සිටින නිදහස් ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා ද ඉන් පසු එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මෙසේ නව සන්ධානයක් ගොඩනගන්නේ අලි පොහොට්ටු ආණ්ඩුව පරාජය කිරීමට බවත් නිදහස් ජනතා සභාව එම සන්ධානයේ කසකරුවන් හෙවත් පෙර ගමන්කරුවන් ලෙස කටයුතු කරන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පැවසුවේ ඊයේ (04දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment