සා/පෙළ සිසුන් 13588කට විෂයන් නවයටම A

126

209761 ක් උ/පෙළට සුදුසුකම් ලබති

නැවත සමීක්‍ෂණ අයැදුම් කිරීම 4 වැනිදා සිට

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්‍ෂ නවදහස් හත්සිය හැටඑක් දෙනකු අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියයි.

එය සියයට 72.07 ක ප්‍රතිශතයකි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ-9 සාමාර්ථ ලබාගත් සිසුන් ගණන දහතුන් දහස් පන්සිය අසූඅටකි.

2022 වසරට අදාළව පසුගිය මැයි 29 වැනිදා සිට පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවෝ හාරලක්‍ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස්තුන් දෙනෙක් පෙනී සිටියහ.

ඒ අතර පාසල් අයදුම්කරුවෝ තුන්ලක්‍ෂ අනූහතරදහස් හාරසිය පනස් දෙනෙක්ද පෞද්ගලික අයදුම්කරුවෝ හැත්තෑ අටදහස් එකසිය තුන් දෙනෙක් ද වූහ. ඔවුන්ගේ ප්‍රතිඵල මෙසේ නිකුත්වී ඇත.

එසේම නැවත සමීක්‍ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 04 වැනිදා ආරම්භ වන අතර ලබන 18 වැනිදා දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක්ද, දෙවැනි ස්ථානය යාපනය වෙම්බදි උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක්ද, තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක්ද හිමිකර ගෙන ඇත.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment