ගස් වලට ඉන්ජෙක්ෂන් ගසා පොතුවිල කැලෑව වනසන අමනයෝ…

404

සෙංගමුව වනාන්තරය මැදට අනවසර මහා කොන්ක්‍රීට් පාරක්…|
මහා වනය එළි කර අනවසර ඉඩම් කොල්ලය….
පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන හොර බලපත්‍ර…
පොතුවිල කැලෑව කැලෑ නීතියට යට වෙද්දී බලධාරීන් රොත්තම දොයි…
පොතුවිල ජයට හදන හොර බලපත්‍ර……

ජීවත් වෙන්නට හුස්ම පොද දෙන වෘක්ෂ ලතාවෝ කෑමොර දෙමින් විලාප තබයි. ජාවාරම්කරුවන්ට ඒ ගැන නිනව්වක් නැත. මහා වනය විනාශ කර දමන්නෙ හිත්පිත් නැති අමනයන් විලසිනි. එය තමන්ගේ අම්මා අප්පගේ බූදලයක් යැයි සිතමිනි. එය එසේ වෙද්දී වනය රකින්නට බුරුතු පිටින් සිටිනා නිලධාරීන් රොත්ත බුරුත්තම බකන් නිලන් සිටින්නේ කැලෑ නීතියට රජ කරන්නට හිතේ හැටියට ඉඩ දෙමිනි. මේ ඒ මහා අශිෂ්ඨ විනාශයේ සංවේදී අනාවරණයයි.

● කැලෑ නීතිය

ගස් වලට ඉන්ජෙක්ෂන් ගසා පොතුවිල කැලෑව වනසන අමනයෝ…

අතීතයේ රජ දවස නම් බොහෝ අවස්ථාවල ලංකාව පුරා තැන් තැන්හි විවිධ පාලනයන් තිබුණි. එනිසා ඇතැම් ප්‍රාදේශීය පාලකයන් තමන්ට රිසිසේ පාලනය කරගෙන ගියහ. නමුත් දැන් ඇත්තේ එකම රටක එකම නීතියට යටත්වූ පාලනයකි. එය වෙනස් කරන්නට ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිත දහස් ගණනක් මරා දමා රටම විනාශ කර අද මරු තුරුළේය.

තුන්ඩු කෑල්ලටත් කඩවල් වසා දමමින් මිනිසුන් මරා දමමින් මළ සිරුර වළ දාන්නටත් ඉඩ නොදී නීති දමමින් රජය දේපළ කෝටි ගණනක් විනාශ කර කුප්පි ලාම්පුවක් පත්තු කරන්නටත් ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ නීතියට රට යටත් කර තිබූ ශාපලත් යුගයක් තිබුණි.

ඒ යුග අවසන් වුවද අදටත් තවමත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇත්තේ කැලෑ නීතියයි. ඒ ඇතැම් ද්‍රවිඩ සහ මුස්ලිම් අන්තවාදීන් විසින් ඇතැම් රාජ්‍ය නිලධාරීන් යොදා උපක්‍රමිකව සිදු කරනු ත්‍රාඩ ක්‍රියාවලියයි.

ඒ සඳහා නැගෙනහිර පළාතේ නිදසුන් අනන්තවත් ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල බොහෝ විට ඇත්තේ මුස්ලිම් අන්තවාදීන්ගේ මතයට ක්‍රියාත්මක වන අමුතු පන්නයේ නීතියකි. මඩකලපුව ගත් විට දෙමළ අන්තවාදීන්ගේ මතයට රඟදැක්වෙන මඩකලපුව සිංහලයාට වැලේ වැල් නැති කර ඇති අමුතු නීතියකි.

එය එසේ වෙද්දී ලොකු ලොක්කෝ බොහෝමයක් නීතියේ හිල් අතරින් රිංගා ගොස් රිසිසේ සිය තක්කඩි හොර වැඩ සිදු කරගනිද්දී අසරණව සිටින්නේ සාමන්‍ය අහිංසක සිංහල ජනතාවය. හැමෝම නීති දාන්නට එන්නේ වැලේ වැල් නැති පාන් කියා ගන්නටවත් බැරි දනන්ටමය.

● සෙංගමුව වන්නතරයට දෙවි පිහිටයි

ගස් වලට ඉන්ජෙක්ෂන් ගසා පොතුවිල කැලෑව වනසන අමනයෝ…
වනාන්තරය වනසා ඇති අයුරු දැක්වෙන් ගූගල් ඡායාරූපයක්

සෙංගමුව වන රක්ෂිතය පොතුවිල හා ලාහුගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෙති. නමුත් බරපතළ ආකාරයටම වන විනාශය සිදු වන්නේ පොතුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෙංගමුව වන පෙතේය. ආකිමුනේ, ඔරකුමලේ, රදැල්ල, රොට්ට ආම වට්ටුවන් යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් වන විනාශයන් සිදු වෙමින් තිබේ. ඊට අමතරව පොතුවිල 03 කණුව ආසනන්යේ ජයරම්පළ ආදී බොහෝ ස්ථානවල දිගින් දිගටම ඉතා ජයටම වන විනාශය සිදු වෙමින් තිබේ.

මෙම වන විනාශය ජාවාම්කාර පිරිස අරමුණු දෙකක් වෙනුවෙන් සිදු කරනු ලබයි. එක් කණ්ඩායමක් දැව පිණිස මහා වන පෙත විනාශ කර දමති. වසර සිය ගණනක් වන පෙතේ සිරිය මවමින් හුස්ම පොද දුන් බුරුත ආදී මහා වාක්ෂ රජයාණෝ වේදනාවෙන් කෑ ගසද්දී කපා බිම දමා කැබල්ලෙන් කැබැල්ලට පෙති ගසා අත්ට්‍රැක්ටර්වල පටවා හොර හරසේ දැව මඩුවලට පටවා ගොස් කැලෑ පාලුවන් රිසිසේ සිය ජාවාරම සිදු කරති. මෙම දැව ජාවාරම බහුලව සිදුවෙමින් පවතින්නේ රදැල්ල ප්‍රදේශයේය.

නමුත් ඊටත් වඩා බරපතළ ආකාරයට වන විනාශය ඉඩම් ආක්‍රමණය සඳහා සිදු කරනු ලබයි. වනන්තර තුළ තැන් තැන්වල අක්කර පහ දහය බැගින් වනන්තර කොටස් මුළුමනින්ම විනාශ කිරීම වසර ගණනාවක සිට ජයටම සිදු කරමින් සිටිති. ඒ සඳහා මේ වන විටත් පොතුවිල ප්‍රදේශයේ ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන මුස්ලිම් දේශපාලකයකු පෙරමුණ ගෙන ක්‍රියාත්මක වෙමින් තිබේ.

මොවුන්ගේ ප්‍රධානම අරමුණව ඇත්තේ මහා වනය විනාශකර වගා බිම් ඇති කිරීම හා ජනයා පදිංචි කිරීමය. ඒ සඳහා නීතියට පිටින් ගිය කැලෑ නීතිය යටතේ බොහෝ පිරිසක් ආකාර කිහිපයකට ක්‍රියාත්මක වෙමින් සිටිති.

● ගස් වනසන්නට ඉන්ජෙක්ෂන් ගහන හැටි

වන පෙත මැද රූස්සට වැඩි තිබෙන මහා ගස්වලට අතින් හෝ බැටරියෙන් ක්‍රියාත්මක කරන උපකරණ භාවිතා කර විශාල ගස්වල සිදුරු විදිනු ලබයි. ඉන් පසු එයට විවිධ රසායනික ද්‍රව්‍ය ගිල්වන අමනයෝ දින කිහිපයකින් දැවන්ත වෘක්ෂයන් මරා දැමීම සිදු කරනු ලබයි. ගස්වල කොළ හැලී මැරී ගිය විට රාත්‍රි කාලයේ එම ගස් බිම පෙරළා දමා ගිනි තබා ළඳු කැලෑව ඩෝසර් කර දමා අක්කර හතර පහ ප්‍රමාණයේ වගා බිම් සඳහා භූමිය සකස් කරනු ලබයි. ඒ ආකාරයට වන පෙත පුරාවටම මෙම සැහැසිකම සිදු කරනු ලබයි.

ඒ එක ක්‍රමයකි. තවත් පිරිසක් මහා වනස්පතීන්ට වින කටින්නේ ගස වටා පොතු වළල්ල ගසමිනි. එසේ පොතු වළල්ල ගසා ගස් වියළෙන විට බිම දමා කැලයටම ගිනි තබා විනාශ කරනු ලබයි. එලෙස කළ විට මහා ගස් ගින්දරට හසුව අලුව යද්දී ළඳු කැලෑවත් ගිනි දෙයියට බිළිව යති. ඉන් පසුව ඩෝසර් තලයට යටව ගිය කල දක්නට ලැබෙන්නේ මහා පොළව වසා තිබුණ මහා ගණ වනාන්තරය වෙනුවට මුළුමනින්ම එළිපෙහෙළි වුණ භූමියකි.

තවත් ජාවාරම්කාරයන් පිරිසක් කරන්නේ ගස මරන්නට කාලය මිඩංගු නොකරන සරලම ක්‍රමයයි. ඒ චේන්ෂෝ ආධාරයෙන් ගස පෙරළා දමා ගිනි තබා එළි පෙහෙළි කිරීමයි. මෙම මහා පරිමාණ වන විනාශයේ අරුමය චන්ද්‍රිකා ඡායාරූපවලින් බැලූ කල හොඳින් පෙනේ.

මේ වන විනාශය සහ පුරාවිද්‍යා විනාශයන්ට එරෙහිව නිරන්තරයෙන් හඬ නඟන එම වන පෙත්වල සැරිසරමින් අභීතව කටයුතු කරන පොතුවිල මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරනු ලබන උඩතලමත්තේ රතනප්‍රිය හිමියන් මෙලස අදහස් දක්වන්නට වූහ.

මේ වන විට මහා වන විනාශයක් වසර කිහිපයක සිට සිදු වෙමින් තිබෙනවා. ඒත් බලධාරීන් නිහඬයි. ආරුගම්බ සිට කරන්කෝවට පාරක් හදන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී තීරණය කරලා තිබ්බා. නමුත් මේ වෙද්දී ඒ පාර වෙනුවට කරන්කෝව සිට සෙංගමුව වන රක්ෂිතයට කොන්ක්‍රීට් පාරක් හදලා. කොටසකට විදුලි රැහන් ඇදලා. මිනිස්සු මේ වන විට තාවකාලික නිවාස හදන් අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නවා.

මේ පිටුපස්සේ ඉන්නේ අන්තවාදයට උඩ ගෙඩි දෙන මුස්ලිම් දේශපාලකයෙක් ඇතුළු පිරිසක්. සිංහල ප්‍රදේශයක මෙහෙම කළා නම් බලන්න තිබ්බා නිලධාරීන්ගේ නීතිය. නමුත් මේවාට කිසි නිලධාරියෙක් නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. අනවසරයෙන් වනය විනාශ කර වගා කරලා, ජනාවාස හදාගෙන මහා වනය විනාශ කරනවා. මෙහෙට අමුතු නීතියක් තියෙන්නේ. එක එක්කෙනාට එක එක ආකාරයේ බලපත්‍ර තිබෙනවා. මෙහෙම මහා කැලය කපලා දාලා විනාශ කරලා තියෙනවා දකිද්දී පුදුම වේදනාවක් දැනෙන්නේ. ඉවක් බවක් නැතිව මේ ආකාරයෙන් වන විනාශය කරද්දී නීතිය ඒ සියල්ලටම යටවෙලා වැනි වැනී තියෙනවා. මෙහෙම ගියොත් ටික දිනකින් අපිට දකින්නට ලැබෙන්නේ මහා කාන්තාරයක් තමයි යනුවෙන් උඩතලමත්තේ රතනප්‍රිය හිමියන් අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

මේ වන විට මහා වනය මැදින් පාරක් කැපීම නිසා අනවසරයෙන් තාවකාලික නිවාස සියයකට අධික ප්‍රමාණයක් ඉදිකර නව ජනාවාස බිහිවෙමින් තිබේ. මෙම වෙරළබඩ කලාපයේ නිරන්තරයෙන් සිදුවන දෙයක් වන්නෙ මහා වන මැද පාරවල් ඉදිකිරීමය. ඉන් පසු නිවාස නැතිවුණද විදුලි රැහන් අදිනු ලබයි. පසුව ජලය ලැබෙනු ඇත. ඊට පසු මහා වනය කපා ජනාවාස බිහිවීම නිරන්තරයෙන් සිදුවෙමින් තිබේ.

ඒ සමගම වසර කිහිපයක් වැඩුනු පොල් පැළ ගලවා සිටුවා ගෙනවිත් මෙම බලෙන් අල්ලා ගන්නා ලද ඉඩම්වල සිටුවීම කලක සිට වගා කර ඇති බව පෙන්වීම ජාවාරම්කාර අංකුට්ටන් නිරන්තරයෙන් යොදා ගන්නා උපක්‍රමයකි.

නැගෙනහිර පළාතේ උරුමයන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නාමල්තලාව ශෛල බිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

සෙංගමුව වන රක්ෂිතයේ පොතුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ 2002 වසරේද අක්කර 3612ක් තිබ්බා. ඒක 2012 වසර වන විට මේ ආකාරයෙන් වනන්තර විනාශ කිරීම නිසා අක්කර 2587ක් දක්වා අඩු වෙලා තිබෙනවා. එය 2022 වන විට අක්කර 2435 දක්වා අඩු වෙලා තිබෙනවා. එම ප්‍රදේශයේ පමණක් මේ මහා ඝන වනය අක්කර 1177 විනාශ වෙලා තිබෙනවා. මේවා මේ විදිහට වෙද්දී බලධාරීන් තවමත් නිහඬයි. මේ අවට වනන්තර මේ ආකාරයට මහා පරිමාණයෙන් වන විනාශය සිදුවෙමින් තිබෙනවා. උඩතලමත්තේ රතනප්‍රිය හාමුදුරුවන්ද මෙම වන විනාශය නවත්වන්නට මහා වෙහසක් අරන් ප්‍රබල උත්සාහයක් ගනිමින් සිටිනවා. මෙම වන පෙත රැකීමට අපි කවුරුත් එක්ව කටයුතු කළ යුතුයි. එහෙම නොවුනහොත් හෙට දිනයේ සතා සීපාවට ජීවත් වෙන්නට, අපිට හුස්ම පොදක් රැක ගන්නට වනන්තරයක් ඉතිරි වෙන්නේ නැහැ.

මෙම වන විනාශයට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන්ද විශාල සහයක් ලැබෙනවා. පසුගිය සමයේ පොතුවිල ප්‍රාදේශීය ලේකම් ලෙසින් සේවය කළ සඳරුවන් අනුරුද්ධ මහතා මෙම වන විනාශය වැළැක්වීම වෙනුවෙන් නිසි ආකාරයෙන් කටයුතු කළා. වනන්තරය තුළට ගොස් පරීක්ෂණ පවත්වමින් මෙහි ඇත්ත තත්ත්වය විශිෂ්ඨ පරිපාලක නිලධාරිවරයෙක් ලෙසින් අනාවරණය කරා. හොර බලපත්‍ර සැදීම පිළිබඳව අනාවරණය කරන්නට අභීතව කටයුතු කළා. නමුත් ඊට පෙර සහ වත්මන් පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. අම්පාරේ එක පැත්තක මහා පරිමාණයෙන් කලපු ගොඩ කරනවා. අනෙක් පැත්තේ මහා පරිමාණයෙන් වන සම්පත විනාශ කරනවා. මේවා මෙහෙම වෙද්දී වගකිව යුතු නිලධාරීන් කොරුන්, බීරන්, අන්ධයන්, උන්මත්තකයන් සේ සිටිනවා යැයි පූජ්‍ය ගම්පහ නාරද හිමියන් පවසා සිටින්නට වූහ.

පොතුවිල හොර බලපත්‍ර රජදහන

අනේ මහත්තයෝ ලංකාවේ වැඩියෙන්ම හොර බලපත්‍ර හදනවා නම් හදන්නේ පොතවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. එතන හොර ගුහාවක් ඒ ගැන හොයන්න කවුරුත් නැහැ යනුවෙන් බොහෝ දෙනෙක් මා හට පවසා සිටින්නට වූහ.

විවිධ කූට උපක්‍රම මගින් රජයේ ඉඩම් සඳහා ප්‍රකාශන ඔප්පු සකසා පුද්ගලික ඉඩම් ලෙස හුවා දක්වමින් ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටිති.

මහා වන මැද පවා බොහෝ ඉඩම්වලට බලපත්‍ර ඇත. අංක 05/2001 දරන 2001.8.10 චක්‍ර ලේඛණය මගින් සියලුම රජයේ වනන්තර කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. නමුත් පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිකුත් කර ඇති බලපත්‍ර බොහොමයක වන සංරක්ෂණයේ අනුමැතිය නොමැත.

2004 වසරේ සුනාමිය නිසා පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොටසක් ජලයට යටව යෑමෙන් හොර ජාවාරම්කරුවන් මහා ප්‍රයෝජනයක් ගන්නට වූහ. එහි තිබූ බලපත්‍ර සුනාමියට විනාශ වූ බව පවසමින් දිගින් දිගටම හොර බලපත්‍ර හදා ගැනීමයි. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු ලේජර්වල සඳහන් නොවීම පිළිබඳ විමසන විට පවසන්නේ සුනාමිය නිසා ඒවා විනාශව ඇති බවයි.

සුනාමියෙන් පසුව ඉඩම් බලපත්‍ර සඳහා අත්සන් කිරීමේ බලය ඉඩම් කොමසාරිස්වරයා විසින් කඩිනමින් බලපත්‍ර ලබා දීම සඳහා ඉඩම් නිලධාරීන්ට සහ ජනපද නිලධාරීන්ට ලබාදෙන්නට විය. එය හොර බලපත්‍ර හදන්නන්ට රජ මඟුලක්ම විය. හිටු කියා දිගින් දිගටම හොර බලපත්‍ර සැදී ඇති බව මොළේ ඇති කොයි කාටත් හොඳින් පෙනී යන කරුණකි.

19/2 වගන්තිය යටතේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත නිකුත් කිරීමේ පෝර්මයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතුව තිබුණි. ඒ හරහා අක්‍රමිකතා සිදුවන නිසා 2006 වසරේදී එම පෝර්මයන් විනාශ කර ඉඩම් කොමසාරිස් කාර්යාල මගින් එම බලපත්‍ර පුරවා ලබාදීම සිදු කිරීම ආරම්භ කරන ලදී. ඒ වංචාවන් වීම වළක්වා ගන්නටය.

ගස් වලට ඉන්ජෙක්ෂන් ගසා පොතුවිල කැලෑව වනසන අමනයෝ…

නමුත් පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණ එම පෝර්මයන් විනාශ කිරීම වෙනුවට හොරෙන් පන්නා ගත් ජවාරම්කර ඇතැම් නිලධාරීන් පරණ දින යොදමින් නිලධාරීන්ගෙන් නිල මුද්‍රාවන් සහ අත්සන් හොරට ගසමින් හොර බලපත්‍ර ලබා දීමේ ජාවාරමක් ද ජයට සිදුවේ. බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි ක්‍රමවේදයන් ඇත. වයස 18 ඉක්මවිය යුතුය. නමුත් ඇතැම් බලපත්‍ර නිකුත් කරන දිනය ගත් විට බලපත්‍ර ලාභීයා ළදරුවෙකි.

මහා දිසාපතිවරුන්ගේ සිට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අත්සන් සහ නිල මුද්‍රා හොරට ගසා සකස් කරන ලද බලපත්‍රයන් විශාල වශයෙන් ඇත.

පොතුවිල හිටපු ප්‍රදේශීය ලේකම්වරයකු වූ සඳරුවන් අනුරුද්ධ මහතා විසින් චකඩ 8ාි 8 කබා 8ඨබ 2021 අංක දරන 2021.06.14 රජයේ ඉඩම් අවධිමත් පරිහානිය පිළිබඳව වාර්තාවේ සහ චකඩ 8 ෘි 8 කබා 8 11 8 ීඛෑ 8 ක්‍ අංක දරන සෙංගමුව වනාන්තරයේ ක්ෂේත්‍ර පරීක්ෂාව වාර්තාවලද මෙම ඉඩම් ජාවාරම පිළිබඳව මැනවින් සඳහන්ව තිබේ. එහි නිර්දේශයන් රැසක්ද ඉදිරිපත් කර තිබුණි. ඒ අතර අවිධිමත් බලපත්‍ර අවලංගු කිරීමට හා වංචා සහගත නිලධාරීන්ට පුළුල් විමර්ශනයක් සිදුකර දැඩි දඬුවම් ලබාදීමට ද නිර්දේශයන් තිබුණි.

නමුත් එයට මේ දක්වා ඉහළ නිලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා තවමත් හොර බලපත්‍ර ජාවාරම සහ වන විනශය ජයටම සිදු වෙමින් පවතී.

මෙම මහා වන සංහාරය නවතා දමන්නට අන්තවාදී නඩය මට්ටු කළ හැකි කොන්ද පණ ඇති නිලධාරීන් සිටිය යුතුමය. නමුත් අවාසානාව නම් බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ කොඳු දෙකට බිඳී දෙපරැන්දේ සිරව තිබීමය. එවන් කොන්ද බිඳගත් තක්කඩි නිලධාරීන් සිටින තාක්කල් පොතුවිල වන කොමළිය දූෂණය කර රීරි මාංශය උරාබීම නොනවතිනු ඇත. තක්කඩි නිලධාරීන්ට මෙන්ම අමන කැලෑ පාලුවන්ට ද සිටුවා පස් ගසා දැමිය යුතු කාලය උදාව ඇත.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment