සතොස සුදු ලූනු මගඩිය – සීඅයිඩීයෙන් විමර්ශන 3කගේ වැඩ තහනම්

129

සතොස ආයතනයෙන් සුදු ලූනු බහාලූම් 2 ක් තෙවැනි පාර්ශ්වයට අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සුදු ලූනු කිලෝ 56,000 ක් අඩංගු බහාලූම් දෙකක් අනවසරයෙන් පිටකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ඒ ගැන සොයා බලන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා සතොස නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ඇමැතිවරයා දුන් උපදෙස් මත සතොස නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන් සතොස ආයතනය හා පාරිභෝගික අධිකාරිය ද වෙන වෙනම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

චමින්ද සිල්වා සහ  අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment