අද මන්ත‍්‍රී ධූරය අතහරී – අභියෝගයට මුහුණදීමට මහ බැංකුවට නායකත්වය දෙනවා – අජිත් නිවාඩ් කබ්රාල්

90

ආර්ථික අභියෝග රැසකට රට මුහුණදී ඇති බවත් ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දීමට යළිත් තමා ශී‍්‍ර ලංකා මහ බැංකුවට නායකත්වය ලබාදෙන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (12 දා) ‘දිවයින’ට පැවැසීය.

ජනාධිපතිතුමාගෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස තමාට පත්වීම් ලිපිය ලැබීමෙන් පසු බදාදා හෝ බ‍්‍රහස්පතින්දා මහ බැංකුවට ගොස් වැඩ භාර ගැනීමට අපේක්‍ෂා කරන බවද කබ්රාල් මහතා කීවේය.

එසේම මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට තමා රාජ්‍ය මුදල් ඇමැති ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වන බවද රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා හෙට (14 දා) දින මහ බැංකු අධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment