යාපනය සහ මහනුවර අවසන් මහා තරගයට – නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලිය

126

නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ කමිදු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම ඊයේ (04 වැනිදා) සමත්කම් දැක්වීය. එ් අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම පරාජයට පත් කරමිනි. එ් අනුව ලබන 07 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී යාපනය සහ මහනුවර කණ්ඩායම මුණගැසීමට නියමිතව තිබේ.

 අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී කොළඹ සහ යාපනය කණ්ඩායම අතර තරගය කි‍්‍රයාත්මක විය. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 272ක් ලබා ගැනීමට සමත්කම් දැක්වීය. එහිදී සටන්කාමී ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 114ක් සහ මාධව වර්ණපුර ලකුණු 42ක් වාර්තා කළේය.

 යාපනය නායක ධනංජය ද සිල්වා ලකුණු 48කට කොළඹ ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීය.

 යාපනය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 339ක් රුස් කරනු ලැබීය. සමින්ද ප‍්‍රනාන්දු ලකුණු 123ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 42කින් එම ඉනිම වර්ණවත් කරද්දී කොළඹ කවික දිල්ශාන් හමුවේ ලකුණු 124කට යාපනය පළමු ඉනිමේ කඩුලූ 6ක් බිඳ වැටුණි.

 යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 67ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ කොළඹ කණ්ඩායම ලකුණු 158කට සීමා කිරීමට යපනය පන්දු යවන්නෝ සමත්වූහ. එ් අනුව දෙවැනි ඉනිමේදී තරගය ජයග‍්‍රහණය සඳහා හිමි වූ ලකුණු 92ක පහසු ඉලක්කය තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ ඊයේ එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට යාපනයට හැකියාව ලබිණි.

 මේ අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ලෙසින් මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී මහනුවර සහ ගාල්ල අතර පවැති තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 458ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. ඕෂධ ප‍්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 127ක් සහ ලකුණු 108ක් රැුස් කළේය.

 ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 354ක් රැුස් කිරීමට සමත්විය. පබසර වඩුගේ ලකුණු 78ක් සහ හෂාන් දුමිඳු ලකුණු 74ක් රැුස් කරනු ලැබීය.

 ලකුණු සාරාංශය

 කොළඹ සහ යාපනය

 කොළඹ පළමු ඉනිම 274/10, දෙවැනි ඉනිම 158/10

 යාපනය පළමු ඉනිම 339/10, දෙවැනි ඉනිම 95/1

 මහනුවර සහ ගාල්ල

 මහනුවර පළමු ඉනිම 458/10

 ගාල්ල පළමු ඉනිම 354/10

advertistmentadvertistment
advertistmentadvertistment