එංගලන්තයට ලකුණු 8ක තියුණු ජයක්

161

ඔස්ටේ්‍රලියාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පෙරේදා (09 වැනිදා) පර්ත්හි පැවැති පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ලකුණු 8 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

 එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ නායක ජොස් බට්ලර් පන්දු 32 කදී ලකුණු 68 ක් සහ ඇලෙක්ස් හේල්ස් පන්දු 51 කදී ලකුණු 84 ක් ලබා ගත්හ.

 ඔස්ටේ්‍රලියාවට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි.

 ලකුණු සාරංශය- එංගලන්තය 208/6 (20), ඔස්ටේ්‍රලියාව 200/9 (20)

advertistmentadvertistment
advertistmentadvertistment