මානව හිමිකම් සභාපති හා සාමාජිකයෝ ජනපති හමුවෙති

77

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව කටයුතු කිරීමට නිධලධාරීන් හා කාර්ය මණ්ඩල හිඟය බලපා ඇති බවත් මානව හිමිකම් කොමිසමේ සභාපති හා සාමාජිකයෝ සිකුරාදා (28 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළහ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ මේ බව දන්වා තිබේ.

ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එමගින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා සහ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා සහ නිමලසේන ගාර්දිය පුංචිහේවා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment